අඹතලේ ජන පවිත්‍රාගාරයේ බෙදා හැරීමේ කටයුතුවලට බාධාවක් නැහැ

Base.lk 6:49 AM Technology

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් දැවි තෙල් කාන්දු වුවත්, අඹතලේ ජල පවිත්‍රාගාරයේ බෙදා හරින පානීය ජලයට එම දැවි තෙල් මුසුවී නොමැති බව, ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් වැසි ජලයට දැවිතෙල් මිශ්‍ර වූ බවට මුලින්ම වාර්තා වූයේ පෙරේදා පස්වරුවේදීයි.

තත්ත්වය බරපතලම වූයේ එම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වයත් සමග නිවාස තුලටද ගලාගෙන ආ දැවිතෙල් මිශ්‍ර ජලය, පානීය ජලය සපයාගන්නා ළිං වලටද එකතු වීමත් සමගයි.

ඒ අනුව ඉන්ධන අවට පරිසරය පුරා පැතිරීයාම වැලැක්වීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව විශේෂ මෙහෙයුමක් අරම්භ කළා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive