හෙට සිට කොළඹට එන අත්‍යාවශ්‍ය සේවාවන්ට පාට එකොළහ කින් ස්ටිකර් වෙන් වෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1921 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 4278ක්.

දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මත මෙම කාලසිමාව තුළ  අත්‍යවශ්‍ය සේවා සහ මානුෂිය තත්ත්වන් මත හෙට දිනයේ කොළඹට පැමිණෙන රථවාහන වෙන් වෙන් වශයෙන් ස්ටිකර් අනුව වර්ග කිරිමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

හෙට දිනයේදී වර්ණ 11 කින් යුක්ත මෙම නව ස්ටිකර් ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කොළඹට ඇතුළු වන මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.



මේ අතර, ඉදිරියේදී එන්නත්කරණ වැඩසටහන යටතේ මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා 25,000 බැගින් ලබාදීමට නියමිතයි.

එමෙන්ම, නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට සයිනොෆාම් එන්නත් මාත්‍රා 50,000 බැගින් ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

අද දිනයේදී ආසාදිතයින් 1172 ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 67,304 ක් ලෙස සටහන් වනවා.

මේ අතර, මහියංගනය නගරයේ ඇඟලු‍ම් කම්හලක් ආශ්‍රිතව හදුනාගත් ආසාදිතයින් පිරිසකගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකයකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම, සංචරණ සීමා පැනවීමත් සමග පීඩාවට පත් අඩුආදායම් ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම ප්‍රදේශ කිහිපයකදී අදත් සිදුකෙරුණු අතර කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ  පැවති වැඩසටහනේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එසේම, සංචරණ සීමා හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින්ට ඒ සඳහා මාසයක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

මේ අතර, කොවිඩ් ආසාදිතව මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ විදෙස් සංචාරකයින් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාව කොවිඩ් පරීක්ෂණාගාරයක් බවට ආණ්ඩුව පත්කර ඇති බවයි.

මේ අතර, මාතර - කඹුරුගමුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවෙකුගේ පළමු උපන්දිනය වෙනුවෙන් එහි සෞඛ්‍ය කාර්යමණ්ඩලය සැමරුමක් සංවිධාන කර තිබුණා.

කොවිඩ් ආසාදිතව ඔහුගේ මව, මිත්තණිය සහ වැඩිමහල් සහෝදරයාද එහි මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive