ජා-ඇල ගංවතුරෙන් පීඩාවට පත්වූවන් 27 දෙනෙකු නාවික හමුදාව මුදවා ගනී (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අධික වර්ෂාවත් සමඟ ජා-ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන් 27 දෙනෙකු නාවික හමුදා සහන කණ්ඩායම විසින් මුදවා තිබෙනවා.

කුඩා ළමයින්, කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු මෙලෙස මුදාගෙන ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව සඳහන්.

මේ වනවිටත් ගංවතුර පවතින ප්‍රදේශවල නාවික හමුදා සහන කණ්ඩායම් 33 ක් මෙහෙයුම් වල නිරත වනවා.

කෙසේ නමුත්, මේ වනවිට බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive