ජනගහනයෙන් සියයට 80 කට කොරෝනා එන්නත් ලබාදීමට චීනයෙන් සැලසුම්

Base.lk 6:49 AM Technology

මේ වසර අවසන් වනවිට කෝටි 140 ක් වන සිය ජනගහනයෙන් සියයට 80 කට කොරෝනා එන්නත් ලබාදීමට චීනය සැලසුම් කරනවා.

එමගින් සමාජය තුල සමූහ ප්‍රතිශක්තියක් හෙවත්, ගාල් ප්‍රතිශක්තිකරණයක් ඇති කළ හැකි බවයි චීනය පෙන්වා දී ඇත්තේ.

මෙම ඉලක්කය කරා ළඟාවීම සඳහා සෑම මාසයකදීම පුද්ගලයන් මිලියන 110 කට කොරෝනා එන්නත් ලබාදිය යුතු වනවා. එය ඉතාලියේ හෝ දකුණු කොරියාවේ ජනගහනයට සමාන ජනකොටසක්.

මේ වනවිට චීනය මිලියන 704 යි දශම 8 කට කොරෝනා එන්නත් ලබාදී ඇති අතර, පසුගිය සති දෙක තුල දිනකට එන්නත් මිලියන 20 බැගින් ලබාදී ඇති බව සඳහන්.

මේ අතර, චීනයේ සිනොවැක් සමාගම මගින් නිෂ්පාදිත කොරෝනාවැක්, එන්නත වයස අවුරුදු 3 ත් 17 ත් අතර ළමයින් සඳහා ද ලබාදීමට චීන සෞඛ්‍ය බලධාරින් අනුමැතිය ලබාදී තිබෙනවා.  


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive