වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 30 වනදා දක්වා අත්හිටුවයි

Base.lk 6:49 AM Technology

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ අත්හිටුවා තිබූ වයඹ පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 30 වනදා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මෙම කාලසීමාව තුල කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නැවත ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදලක් අය නොකෙරෙන බවයි වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී බී එම් සිරිසේන කියාසිටියේ.

එමෙන්ම අන්තර්ජාලය මගින් ලබාගනු ලබන ආදායම් බලපත්‍ර සඳහා වන තාවකාලික ආදායම් බලපත්‍රවල වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive