බඩෝවිට අසංකගේ කෝටි එකහමාරක මත්කුඩු කහතුඩුවෙන් අල්ලයි

Base.lk 6:49 AM Technology

කහතුඩුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත් රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනාකමකින් යුත් මත්කුඩු තොගය දැනට විදේශ රටකට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රජිත අසංක හෙවත් බඩෝවිට අසංකට අයත් බවට හෙළි වී තිබෙනවා.

ඒ, කිලෝ එකහමාරක් පමණ බරැති අදාළ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදියි.

මත්කුඩු පැකට් කරන බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කහතුඩුව - ප්‍රගති මාවතේ පිහිටි මෙම නිවස අද වටලනු ලැබුවා.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අඹු - සැමි යුවලක් ද වනවා.

මොවුන් විසින් අදාළ නිවස කුලියට ගෙන එහි රැදී සිට ඇති බවටයි හෙළි වී ඇත්තේ.

නිවසේ පැකට් කරන මත්කුඩු දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත බෙදා හැර තිබෙනවා.

සැකකරුවන් 4 දෙනා සහ අදාළ මත්කුඩු තොගය මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත්තේ වැඩිදුර පරීක්ෂණ සඳහායි.   
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive