භූ චලනය ගැන සොයන්න භූ විද්‍යා නිලධාරීන් අද රන්දෙණිගලට

Base.lk 6:49 AM Technology

වික්ටෝරියා ජලාශයට පහළ රක්ෂිත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ සුළු භූ චලනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ උපකරණ සමඟ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට අද පිටත් කර යවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ සඳහන් කළා.

රික්ටර් පරිමාණයේ 1.94ක් ප්‍රබලැති මෙම භූ චලනය මහකනදරාව, පල්ලෙකැළේ සහ හක්මන ප්‍රදේශවල ස්ථාපිත භූ කම්පන මානවල ද සටහන් වී තිබෙනවා.

මෙම භූ චලනය පස්සර - ලුණුගල ප්‍රදේශවලට ද දැනී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම භූ චලනයෙන් වික්ටෝරියා වේල්ලට බලපෑමක් සිදුවී නොමැති බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම සඳහන් කළා.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive