හරක් කටාගේ තවත් ගෝලයින් 7ක් අල්ලයි

Base.lk 6:49 AM Technology

ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන කාන්තාවක් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ, පානදුර - වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකට අනුවයි.

ජංගම දුරකථනයෙන් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය තිහාරිය - කළගෙඩිහේන ප්‍රදේශයේ 41 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ජාවාරමට සම්බන්ධ වී කටයුතු කළ තවත් පුද්ගලයෙකු හංවැල්ල - පහත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම වැලිගම සහ මාතර ප්‍රදේශවලදී මොවුන්ගෙන් ලද තොරතුරු අනුව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතවූ තවත් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

 


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive