සඳ මතකය අලුත් කළ පිය සටහන්

Base.lk 6:49 AM Technology

මිනිසා සඳ මත පා තැබුවේ, හරියටම අදින් වසර 52කට පෙරතුවයි. 1969 වර්ෂයේ ජූලි 21 වනදා මෙම ඓතිහාසික ගමන සිදුවුණා.

ඇපලෝ 11 යානාවේ නැගී හුස්ටන්හී අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවනට නික්මුණු නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඔල්ඩ්‍රින්, මයිකල් කෝලින්ස් තිදෙනා මෙම ඓතිහාසික චාරිකාවට එක්වුණා.

මේ අතරින්, චන්ද්‍රතලය මත පා සටහන තැබීමේ වාසනාව හිමිවූයේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් දෙදෙනාටයි.

මයිකල් කෝලින්ස් ඊට මීටර තුන්දහසක් ඉහළින් මව්යානාවට සම්බන්ධ කෙරෙන අභ්‍යවකාශ යානය පාලනය කරමින් එදෙස බලා සිටියා.

කෙසේ වෙතත්, මේ චාරිකාව පිළිබඳව මතකය නැවත අලුත් කෙරෙන්නේ, නාසා ආයතනය නීල් ආම්ස්ට්‍රෝන්ගේ සහ එඩ්වින් ඔල්ඩ්‍රින්ගේ පා සටහන් තවමත් චන්ද්‍රයා තුළ නිරුපද්‍රිතව ඇති බව දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් කිරීමත් සමඟයි.

නාසා ආයතනයෙන් චන්ද්‍රයා නිරීක්ෂණය සඳහා, යොමු කෙරුණු යානාවක සිට ලබාගත් අධිබලැති වීඩියෝ දර්ශන කිහිපයක් උපයෝගී කරගනිමින් ඔවුන් ඇපලෝ 11 චන්ද්‍ර ගවේෂණ යානාව ගොඩබට ස්ථානය සමීපව නිරීක්ෂණය කරනවා.

චන්ද්‍ර කක්ෂයේ සිට අඛණ්ඩව සිදු කෙරෙන මෙම නිරීක්ෂණය පසුගිය වසර 12ක කාලයක් පුරා සිදු වූ බවයි නාසා ආයතනය පවසන්නේ.

එහිදී ඔවුන්ට දක්නට ලැබෙන්නේ, මීට වසර 52කට පෙර චන්ද්‍ර තලය මත සිදු කළ ඒ ඓතිහාසික චාරිකාවේ පිය සටහන් තවමත් මැකී නොමැති ආකාරයයි.

නාසා විද්‍යාඥයින් සඳහන් කරන්නේ, චන්ද්‍රයා මත සුළං සහ කම්පන තත්ත්වයන් නොමැති වීම හේතුවෙන් අදාළ පියසටහන් තවමත් නිරුපද්‍රිතව ඇති බවයි.

වසර 52කට පෙර තැබූ පා සටහනක් තවමත් නොමැකී තිබීම, අරුමයක් නොවේ ද ?


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive