මොඩර්නා එන්නත පිළිබඳව අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

Base.lk 6:49 AM Technology

මේ දිනවල මෙරට එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන මොහොතේ සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර පැතිර යන බවට වාර්තා වී තිබෙනවා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ දින වල මහනුවරට ලබා දෙන මොඩර්නා එන්නත පිළිබඳව   සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය වන බවට මහනුවර මහා රෝහලේ  නීති වෛද්‍යවරයා විසින් ඊයේ මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.

මේ දිනවල මහනුවර ප්‍රදේශයේ මොඩර්නා එන්නත්කරණය සිදුවන මොහොතක මහජන විශ්වාසය එන්නත්කරණය සම්බන්ධයෙන් බිඳවැටෙන හෙයින් මෙලෙස අසත්‍ය ප්‍රචාර පතුරවන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive