බදියුදීන්ගේ නිවසේදී දැරියක මියයෑම ගැන හයදෙනෙකුගෙන් ඊයේ ප්‍රකාශ

Base.lk 6:49 AM Technology

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් හයදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මියගිය දැරියගේ මව, සුළු පියා, සහෝදරයා, සහෝදරිය සහ දැරිය මෙම නිවසට රැගෙන ආ තැරැව්කරු විසින් මීට පෙර කැඳවාගෙන එනු ලැබූ තරුණියන් දෙදෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගත් බවයි.

මේ අතර, මෙම දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය මගින් ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ප්‍රකාශ කළා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive