ඊයේ නව කොරෝනා ආසාදිතයන් 1604 ක්

Base.lk 6:49 AM Technology

නව කොරෝනා ආසාදිතයන් 1,604 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ අසු නවදහස් පන්සීය හැත්තා හතක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 1,566 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 38 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 21,949 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 63,758 ක්.

තවත් කොරෝනා මරණ 47ක් මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව හාරදහසේ සීමාවට ආසන්න වී තිබෙනවා.

පෙරේදා මෙම මරණ 47 වාර්තා වී ඇති අතර එය ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වුණේ 3917 ක් ලෙසයි.

මේ අතර හෙටින් ඇරඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේදී නිරෝධායන නීති දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

පළාත් සීමාවන්ට අමතරව පොලිස් නිලධාරීන් යොදවා පරීක්ෂා කිරීම් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ගතවූ පැය විසි හතර තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 189 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive