අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට 68.4 කට කොරෝනා එන්නත් ලබාදී අවසන්

Base.lk 6:49 AM Technology

මේ වනවිට ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් මිලියන 13.8 ක් රැගෙනවිත් ඇති අතර ඉන් මිලියන 10.1 ක් එන්නත් කර අවසන් බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ චීන සයිනොෆාම් එන්නත් මිලියන 10 යි දශම 7 ක් ඊට අයත් වන බවයි.

ඊට අමතරව, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.2 ක් ස්පුට්නික් එන්නත් පළමු මාත්‍රා එක්ලක්ෂ 65,000 ක් සහ දෙවන මාත්‍රා 15,000 ක් ද ඊට අයත් වනවා.

ෆයිසර් එන්නත් මාත්‍රා දෙලක්ෂ 15,920 ක් සහ මොඩර්නා එන්නත් මිලියන 1.5 ක් ද මේ වනවිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එමෙන්ම, වයස අවුරුදු 30ට වැඩි ජනගහනය සැලකූ විට ඉන් සියයට 68.4 කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී ඇති අතර පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ 30ට වැඩි ප්‍රතිශතය සියයට 16.5 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive