සරසවි ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද දිනයේ online අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වුණා.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයද අද දිනයේත් ක්‍රියාත්මක වුණා.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන් ලයින් ඉගැන්වීම් කටයුතු වර්ජනය කර අදට දින 17ක් ගතවනවා.

මේ අතර වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයින් පිරිසක් අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සමාකච්ඡාවකදී ද යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් අදහස් පළ කළා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද අද online අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වූයේ යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්.

මේ අතර යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් සහ ගුරු වැටුප් විෂමතාවට සහය පළ කරමින් ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා සංවිධාන කර තිබුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive