විසදුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් ප්‍රදේශ හතරකින් කොළඹට

Base.lk 6:49 AM Technology

දින 24ක් තිස්සේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී සිටින ගුරු විදුහල්පතිවරුන් අද රථ පෙළපාලි හතරකින් කොළඹට පැමිණියා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන පිරිස එහිදී සිය වැටුප් සටන වෙනුවෙන් විරෝධතාව දැක්වීමට නියමිතයි.

මේ අතර, ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ආරම්භ කළ විරෝධතා රථ පෙළපාළි කොළඹ නගරයට ආසන්න වෙමින් පවතිනවා.

හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථ පෙළපාලිය මේ වනවිට වැල්ලවත්ත ප්‍රදේශය පසු කරමින් පවතින අතර මීගමුව පාර ඔස්සේ වැලිසර සිට පැමිණෙන රථ පෙළපාළිය මේ වනවිට ඉඟුරුකඩේ මංසන්ධිය වෙත ළඟා වී තිබෙනවා.

කඩවත සිට පැමිණෙන රථ පෙළපාළිය මේ වන විට කැලණිය ප්‍රදේශය පසුකරමින් පවතින අතර මොරටුවේ සිට පැමිණෙන රථ පෙළපාළිය මේ වන විට ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේයි.

වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී අදට දින 24ක්.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සමග ඊයේ දිනයේත් සාකච්ඡාවක නිරත වූ අතර එය
විසඳුමකින් තොරව අවසන් වුණා.

ඒ අනුව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා සඳහන් කළා.

ඒ අනුව නුවර පාරේ කඩවත ප්‍රදේශයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ රථ පෙළපාලි අද පෙරවරුවේ ආරම්භ වුණේ මෙලෙසින්.

මේ අතර අදාළ රථ පෙළපාළිය නතර කරන්නැයි කඩවත පොලිසිය, මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක්ද ලබාගෙන තිබුණා.

මේ අතර මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයෙන් , ගාලුපාරේ මොරටුවෙන්,හයිලෙවල් මාර්ගයේ කොට්ටාවෙන් ආරම්භ වූ විරෝධතා පෙළපාළි කොළඹ
දක්වා පැමිණියා.

මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයෙන්ද විරෝධතා පාගමන ආරම්භ වූයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති
පසුබිමකයි.

මේ අතර තවත් විදුහල්පතිවරුන් පිරිසක් මහනුවර සිට කොළඹ දක්වා දින 6ක් අඛණ්ඩ පා ගමනක නිරතවනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive