ජනපති සභා ගර්භයේ අසුන් ගනී (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරු 10.45 ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගනු ලැබුවා.

සේවකයින්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද, පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, පෙරවරු 10 ට පමණ පාර්ලිමේන්තුව ආරම්භවීමට ප්‍රථමයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න ඊයේ සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව කථානායකවරයා අදහස් දක්වා සිටියා.

 පසුව වාචික ප්‍රශ්න යොමුකරන අවස්ථාවේදී රෝහිණී විජේරත්න මන්ත්‍රිවරිය ද ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100 ක මුදලක් කපා හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගෙන් විමසා සිටි අතර, එහිදී ඇති වූයේ උණුසුම් තත්වයක්.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ චමින්ද විජේසිරි ද මැදිහත් වුණා.

ගුරු - විදුහල්පතිවරුන්ගේ ගැටළුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විසි හත දෙක යටතේ විෂයභාර අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් ප්‍රශ්න කළා.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive