කොතලාවල පනත පාර්ලිමේන්තුවේ විවාද කිරීම කල් යයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා කල් අවශ්‍යවන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂයේ තවත් සාමාජිකාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ පැවති විරෝධතාව අතරතුර රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම සහ පොලිස් ස්ථානාධිපතිවරයෙකුට තුවාල සිදුකිරීම යන චෝදනා මතයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඒකාබද්ධව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතායේ නිරත වුණා.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර විරෝධතාකරුවන් පාලනය කිරීමට ගිය අවස්ථාවේදී මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුවී තිබෙනවා.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පෙරටගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදාහැර තිබෙනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව තලංගම පොලිසිය සඳහන් කළා.

මේඅතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සැලසුම් කළ පරිදි ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නේදැයි අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive