දරුණු ගැටුම් මැද ඇෆ්ගනිස්ථානයේ, ආරක්ෂක ඇමතිගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

Base.lk 6:49 AM Technology

ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍ය බිස්මිල්ලා ඛාන්ගේ නිවසට තලෙයිබාන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යවරයා හෝ පවුලේ කිසිවෙකු එහි සිට නැහැ. සිද්ධියෙන් 04 දෙනෙකු මියගොස් ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පසු වෙඩි තබා ගැනීම් රැසක් ද වාර්තා වී ඇති බවයි.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසුව තලෙයිබාන් සටන්කාමීන් සිය අණසක රටපුරා පතුරවමින් සිටිනවා.

මේ හේතුවෙන් රටේ පාලනය ඇෆ්ගන් රජයෙන් ගිලිහී ඇති බවයි විචාරකයන් සඳහන් කළේ.

මේ අතර, දරුණු ගැටුම් පවතින හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ලක්ෂාගා නගරයේ සිවිල් වැසියන් රැසක් සිරවී සිටින අතර මාර්ගවල මළ සිරුරු රැසක් දක්නට ලැබෙන බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ මෙම ගැටළුව ඉදිරියේදී විශාල මානුෂීය ව්‍යවසනයක් බවට පත් වනු ඇති බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive