ගුරු විදුහල්පති රථ පෙළපාලිය ජනාධිපති කාර්යාලය අසළට ළඟා වෙයි

Base.lk 6:49 AM Technology

ගුරු - විදුහල්පති විරෝධතා රථ පෙළපාලිය ජනාධිපති කාර්යාලය අසළට මේ වන විට ළඟා වී තිබෙනවා. මේ හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ඇතුළු අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

සිය වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් අද පෙරවරුවේ මෙම විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කළේ වැලිසර, කඩවත, කොට්ටාව සහ මොරටුව - කොරලවැල්ල ප්‍රදේශවලින්.

රථ පෙළපාලියෙන් ජනාධිපති කාර්යාලය අසළට පැමිණි ගුරු - විදුහල්පති වෘත්තීය සමිතිවල නියෝජිතයින් සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive