මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගැසූ පුද්ගලයා රිමාන්ඩ්

Base.lk 6:49 AM Technology

ගිරිඋල්ල - පුස්කොලදෙනිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකුගේ නිවසට රාජකාරී සදහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමට තැත්කර කෙළගැසීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද පස්වරුවේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

48 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයාගේ පුත්‍රයා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, ඔහු පිළිබඳව විමසීම සඳහා නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු නිවසට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කළ සැකකරු බීමතින් සිට ඇති බවටයි ගිරිඋල්ල පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive