පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

Base.lk 6:49 AM Technology

ඊයේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර රජයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම සහ මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ සාමාජිකාවක ලබන 11 වනදා දක්වාරක්ෂිත බන්ධාගාර ගත කර තිබෙනවා.

විරෝධතාව අතරතුර තුවාල ලැබූ මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive