වටරැක එළිමහන් සිරකඳවුරේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්

Base.lk 6:49 AM Technology

වටරැක එළිමහන් සිර කඳවුරේ නව අංශයේ රඳවා සිටින කොරෝනා රෝගීන්ට ලබාදීම සඳහා රැගෙන විත් තිබූ දුම්කොළ 25ක් සහ ලයිටර් 11ක් සමග එහි සේවය කරන බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කදවුරේ අධිකාරීවරයාට ඊයේ ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් යොදවා මොහු පැමිණි යතුරුපැදිය හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහි අසුන යට බහාලුමක සඟවා තිබියදී මෙම ද්‍රව්‍ය සොයා ගැනුණා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ අත්අඩංගුවට ගත් එම බන්ධනාගාර සැරයන්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive