මහජන ආරක්ෂක ඇමති මහරගම පොලිස් ස්ථානාධිපතිගේ සුවදුක් විමසයි

Base.lk 6:49 AM Technology

ශල්‍යකර්මයකට ලක්ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්තගේ සුවදුක් විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර අද එම රෝහලට ගොස් තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරය පාර්ලිමේන්තු පිවිසුම අසළ ඊයේ සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර සිදුවූ අනතුරකින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි දෙකකට හානි සිදුවුණා.

මේ අතර යෝජිත නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ කොළඹ - ලිප්ටන් වටරවුම අසළ විරෝධතාවක නිරතවුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive