තවත් කොරෝනා ආසාදිතයන් 1720 ක් හමුවෙයි

Base.lk 6:49 AM Technology

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1720 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

එමනේම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1754 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 284524ක් ලෙසටයි.

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ධාරිතාවද මේ වන විට ඉක්මවා ගොස් ඇති බවටද මේ වන විට වාර්තා වනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 74ක් ඊයේ වාර්තා කළා

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගියා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive