අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ

Base.lk 6:49 AM Technology

රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්නගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මාබෝල - ආරෝග්‍යමාතා දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, කලාකරුවන් ඇතුලු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.

වත්තල - මාබෝල - කට්ටියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසෙහි දේහය තැන්පත් කර තිබූ අතර, ඊට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ සහ අද කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් පැමිණියා.

නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමක් සිදුකර යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඇය ගමන් ගත් වෑන්  රථය හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ලිඳුල නගරය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවුණේ පසුගිය 30 වනදා රාත්‍රියේයි.

ඒ වනවිට රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න 75 වන වියේ පසුවුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive