වෙළදපළේ ගෑස් හිඟයක්

Base.lk 6:49 AM Technology

රට තුළ පවතින ඩොලර් සංචිත හිඟය  හේතුවෙන් ලාෆ් සමාගම ගෑස් ආනයනය සීමා කිරීමට පියවර ගැනීමත් සමඟ රට පුරා උග්‍ර ගෑස් හිඟයක් මතුව තිබෙනවා.

පාරිභෝගිකයින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇත්තේ කිසිදු විකල්ප විසඳුමක් නොමැතිවීම හේතුවෙන්.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ මෙරට ගෑස් සමාගම් විවිධ අවස්ථාවලදී මිල ඉහළ දැමීම සඳහා රජයෙන් ඉල්ලීම් කළත්, ඒ සඳහා අවසර හිමිවුණේ නැහැ.

මේ අතර ඩොලර් සංචිත හිඟයත් සමඟ ණයවර ලිපි විවෘත කිරීමද සීමා කිරීම හේතුවෙන් ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ ගෑස් ආනයනය කිරීමේ අර්බුදයකට මුහුණදී ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පසුගිය විසි වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කළ අතර, එමඟින් දක්වා තිබුණේ ලාෆ් ගෑස් සමාගම  ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇතත් එම ඉල්ලුමද ආවරණය කිරීමට ලිට්රෝ ගෑස් සමාගමට හැකියාව පවතින බවයි.

ලිට්රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බවද සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් නියෝජිතයින් ප්‍රකාශ කළේ තමන්ට ලාෆ් ගෑස් සිලින්ඩර සඳහා ලිට්රෝ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගමෙන් කිසිදු අවසරයක් මෙතෙක් ලබාදී නොමැති බවයි.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ කොළඹදී අද මාධ්‍ය හමුවක්  කැඳවමින් කියා සිටියේ වෙළඳපොලේ ගෑස් හිඟයක් නොමැති බවයි.

මේ අතර, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ ගෑස් ගැටළුව ඇතුලු අනෙකුත් කරුණු පිළිබදව දැනුම්වත් කිරීම සඳහායි.

එහිදී ගෑස් හිඟවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ ලෝක වෙළඳපොලේ පවතින ගෑස් මිල ඉහළ යාමේ තත්වයත් සමඟ මෙරට වෙළඳපොලේ ද ගෑස් පිළිබඳව ගැටළුවක් පවතින බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive