කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව අදත් විරෝධතා (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක් සිදුකිරීමේදී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත  සහ එම පක්ෂයේ සාමාජිකාව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලු තවත්  සිවිල් සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් පාලනය කිරීමට ගිය අවස්ථාවේ මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා තුවාල ලැබුවා.

මේ වනවිට ඔහු තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර, පොලිස් ස්ථානාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා මහජන  ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරද අද රෝහල වෙත  පැමිණියා.

අදාළ උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කිරීම, අයුතු ජන රාශිය සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාව මතයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම්වරයා සහ එම පක්ෂයේ තවත් සාමාජිකාවක් ඊයේ අත්අඩංගුවට ගැනුනේ.  

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ වෛද්‍ය පීඨය අසළ සිට අද පා ගමනකද නිරතවුණා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල්  රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත සැළසුම් කළ පරිදි ලබන සිකුරාදා විවාදයට නොගන්නා බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive