තවත් කොරෝනා මරණ 82ක් - ශ්‍රී ලංකාවේ සමස්ත මරණ චීනයේ සමස්ත මරණ සංඛ්‍යාවත් ඉක්මවයි

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 82ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4727ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) මෙම මරණ තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 82 අතර පිරිමි පුද්ගලයන් 41ක් සහ කාන්තාවන් 41ක් වනවා.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 14ක් සහ කාන්තාවන් 8ක් ඒ අතරට අයත්.

එමෙන්ම අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 27ක් සහ කාන්තාවන් 33ක් මියගිය පිරිස අතර වනවා.  

මේ අතර ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනවා.

චීනයේ මේ දක්වා සිදුව ඇත්තේ කොරෝනා මරණ 4636ක් පමණයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive