ඇල්පිටියේ ප්‍රා.සභා මන්ත්‍රීවරුන් කළු පටි බඳී

Base.lk 6:49 AM Technology

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අද පැවති සභා වාරයට කළුපටි පැළඳ පැමිණ සිටියා.

ඒ, සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව ඇල්පිටිය ප්‍රදේශයේ එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු  නොවන බවට සහ ඒ පිළිබඳව සොයාබැලීමට ගිය මහජන නියෝජිතයින්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා බාධා කළ බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින්.

මේ අතර, දියතලාව මූලික රෝහල අවට ඇති සියලු ප්‍රාදේශීය රෝහල්වල සිදුවන කොරෝනා ආසාදිත සහ සෙසු මරණ සඳහා මරණ පරීක්ෂණ කටයුතු දියතලාව මූලික රෝහලේදී සිදුකිරීම හේතුවෙන් එම රෝහලේ මෘත ශරීරාගාරයේ යම් තදබදයක් ඇතිව තිබෙනවා.

ඒ  හේතුවෙන් දේහයන් එම රෝහලේ මෘත ශරීරාගාරයේ කොරිඩෝවේ තබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive