සමස්ත ජනගහනයෙන් 50%ක් පූර්ණ එන්නත්කරණයට

Base.lk 6:49 AM Technology

මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 50 ක් පූර්ණ එන්නත්කරණයට ලක්කළ රටවල් අතරට ශ්‍රී ලංකාව ද අද දිනයේදී එක්වුණා.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව  ඊයේ දිනය වනවිට මෙරට එන්නත්කරණය සම්පූර්ණ කළ මුළු පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි හයලක්ෂ 72,627 ක්.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ දෙවන මාත්‍රාවද ලබාදී ජනගහණයෙන් හරි අඩකට එන්නත්කරණය සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බවයි.

මේ අතර, එන්නත්කරණයට ලක් කරන ළමයින්ගේ වයස් සීමාවන් සම්බන්ධයෙන් තීරණය කෙරෙන සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ ළමයින් සහ තරුණයන් එන්නත්කරණයට ලක් කිරීම අවශ්‍ය නොවන බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive