නාරාහේන්පිට ‘ලංකා’ රෝහලෙන් හමුවූ අත්බෝම්බය ගැන අලුත් කතාවක්

Base.lk 6:49 AM Technology

නාරාහේන්පිට ලංකා රෝහලේ පළමු මහලේ තිබී සොයා ගත් අත්බෝම්බය, මදුරු දඟරයක ආධාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙය අදාළ මහලේ වැසිකිලියක කසල බදුනක තිබී අද දහවල් සොයා ගනු ලැබුවේ රෝහල් ආරක්ෂක අංශ විසින් කළ දැනුම්දීමකට අනුවයි.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය නිලධාරීන් විසින් අදාළ අත්බෝම්බය ආරක්ෂිතව රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, එය කවුරුන් විසින් එම ස්ථානයට රැගෙන ආවේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සදහන් කළේ.

නමුත් එය රැගෙන ආ පුද්ගලයා සෙවීම සඳහා පොලීසිය මේ වන විට රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive