පාස්කු ප්‍රහාරකරුවන්ට උදව් කළ යුවළකට නවසීලන්තයේ සරණාගතභාවය

Base.lk 6:49 AM Technology

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායමට මුදල් ගනුදෙනු සිදුකිරීම සදහා උපකාර කළ පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිදට නවසීලන්තය සරණාගතභාවය පිරිනමා තිබෙනවා.

විදේශීය තැරැව්කරුවෙකුගේ සහ විදෙස්ගත වී සිටින ඥාතියෙකුගේ මාර්ගයෙන් මොහු මුදල් හුවමාරු ක්‍රමවේදයක් යටතේ ගනුදෙනු සිදුකර තිබූ අතර එම මුදල්, ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට ලබාදී ඇති බවට වන සැකයක් මත ඔහුගේ බිරිද මෙරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව ඇයව නිදහස් කර ඇති අතර සැගවී සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතා කර නවසීලන්තයට පළා ගොස් තිබූ අතර, සරණාගතභාවය සදහා පසුගිය ජුනි මාසයේදී අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණා.

එමගින් දක්වා ඇත්තේ ශ්‍රී ලාංකික බලධාරීන් තමා දේශද්‍රෝහී ක්‍රියාවක නිරත වූවෙකු ලෙස සලකා කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදවලට මොවුන් සහය නොදැක්වීම පිළිබදව ඔවුන්ගේ සාක්ෂි විශ්වාසනීය, ස්ථායී සහ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ඒවා බැවින් එම යුවළට සරණාගතභාවය පිරිනැමීමටයි නවසීලන්ත බලධාරීන් කටයුතු කර ඇත්තේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive