ඡන්දදායකයින්ට අල්ලස් දුන්, මන්ත්‍රීවරයෙකුගේ ධුරය අහෝසියි

Base.lk 6:49 AM Technology

ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ චෝදනාවට වරදකරු වූ මොණරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී තරංග දිසානායකගේ ධුරය අහෝසි කරන ලෙස මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක නියෝග කළා.

ඒ, ඔහු සමග මධුරකැටිය කොට්ඨාශයට තරඟ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සුනිල් ශාන්ත ගොනු කර තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

2018 වසරේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරයා ඡන්දදායකයින්ට විදුලිය සහ ජලය අල්ලස් ලෙස ලබාදීම හරහා තමන්ට අසාධාරණයක් වූ බව පවසමිනුයි එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

ඊයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු රංග දිසානායක, අදාළ මන්ත්‍රීවරයා මන්ත්‍රී ධුරය සඳහා නුසුදුස්සෙකු ලෙස නම් කෙරුණු අතර මීළඟට වැඩිම ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා මන්ත්‍රී ධුරයට පත් කරන ලෙස නියෝග කරනු ලැබුවා.

ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම හේතුවෙන් මන්ත්‍රීවරයෙකුගේ ධුරය අධිකරණය විසින් අහිමි කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive