ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 120ක ඉලක්කයක්

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස්කරගත්තා.

අද තරඟයේදීද සුපුරුදු පිතිකරණ රිද්මය අමතක නොකළ ශ්‍රී ලංකා පිතිකරුවන් එකපෙළට දැවී ගියා.

එක් අවස්ථාවකදී ක්‍රීඩකයන් අතර අනොන්‍ය අවබෝධය නොමැති කමින් දසුන් සමඟ ලකුණක් කරා පැති මාරු කරගැනීමට යාමේදී නිකරුණේ ලහිරු මදුශංක සිය කඩුල්ල පූජා කර ක්‍රීඩාගාරයට නැවත හැරී ගියා.

මුල්පෙළ පිතිකරණයේදී සැලකිය හැකි දක්ෂතා අතරට පැමිණීමට සමත් වූයේ කුසල් ජනිත් පමණයි.

එහිදී පන්දු 33 කට ලකුණු 39ක් ඔහු රැස්කර ගත්තේ හතරේ පහර 3ක් සමගින්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් පිතිකරණ වගකීම ගිලිහී යද්දී හුදෙකලා සටනක නියැලීමට උත්සාහ ගත්තත් අවසානයේ ඔහුගේ ඉනිම නිමා කලේ van der Dussen අතට උඩ පන්දුවක් ලබාදෙමින්.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන ආ චාමික කරුණාරත්න පන්දු 19කට ලකුණු 24ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබුවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive