සංචාරකයින්ට කිරි, ශ්‍රමිකයින්ට කැකිරි ද ? (වීඩියෝ)

Base.lk 6:49 AM Technology



විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනයට යොමු කිරීම් හරහා මුදල් ගසාකෑමේ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

හෝටල් නිරෝධායනය හරහා සිදුවන ජනතා මුදල් ගසාකෑම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ අනාවරණය පිළිබද අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළා.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුළින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කිරීම හරහා ජනතා මුදල් ගසාකෑමේ ක්‍රමවේදය පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති හරහා පසුගිය දින කිහිපයේදීම සියළු සාක්ෂි සහිතව අනාවරණය කළා.

විදේශිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ද මෙරටට පැමිණීමට පැය 72 කට පෙර විදෙස් රටවලදී කොවිඩ් පරීක්ෂණවලට මුහුණ දී කොවිඩ් නොමැති බවට තහවුරු කර ගැනීම අනිවාර්ය කරුණක්.

එසේ වුවත් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ මුදල් ගසාකෑම සදහා ඔවුන් හෝටල් නිරෝධායනයට යොමු කෙරෙන්නේ ඔවුන්ව දැඩි අපහසුතාවට පත් කරමින්.

මේ හෝටල් නිරෝධායනයේදී කොවිඩ් පරීක්ෂණවලට, මෙන්ම නවාතැන් ගාස්තු සදහා වෙන වෙනම ගාස්තු අයකරමින් අධික මුදලක් ගසා කන ආකාරයයි.

කෙටි කාලයක් ඇතුලත කටුනායක ගුවන්තොටුපල තුලදීම ජනතාව කිසිදු අපහසුතාවකට ලක් නොකොට රැපිඩ්, පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සියළු පහසුකම් පවතින පසුබිමක් තුල ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකොට මෙරට බලධාරීන් මෙලෙස අධික ලෙස ජනතා මුදල් ගසාකෑමට ඉඩදී තවදුරටත් බලා සිටීම විමතියට කරුණක්.

මේ අතර විදේශීය සංචාරකයින්ගේ කොවිඩ් පරීක්ෂණ කෙටි කාලයක් තුල සිදුකිරීම අළුතින් ඉදිකෙරුණු නව පී.සී.ආර්.පරීක්ෂණාගාර පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සදහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද කටුනායකට පැමිණියා.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට කෙටි කලක් තුල කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව සලසන්නේ නම් මෙරට ආර්ථිකය ශක්තිමක් කිරීමට විදේශයන්හි නොවිදිනා දුක් කන්දරාවක් උහුලන රටවිරුවන්ට එම අවස්ථාව අහිමි කර හෝටල් නිරෝධායනයට යැවීම අනුමත කළ හැකිද ?

අප දිගින් දිගමට මෙරට බලධාරීන්ට යොමුකරනා පැනය එයයි.

හිරු මාධ්‍යවේදියෙකු රටවිරුවන්ට වන මෙම අසාධාරණය පිළිබදව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ප්‍රශ්න කළා.

හෝටල් නිරෝධායනයේදී සිදුවන මුදල් ගසාකෑම පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා දිගින් දිගටම සිදුකළ අනාවරණය පිළිබඳව ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

විදේශයන්හි සිට පැමිණි ඔබත් හෝටල් නිරෝධායනය සඳහා යොමු කිරීම හරහා මුදල් ගසාකෑමට ලක් වු අයෙකු නම් ඔබ පත්වු අපහසුතාවයන් අපගේ හිරු සී.අයි.ඒ.තොරතුරු ලබාදීමේ අංකය වන 0770 322 821 යට දැනුම් දිය හැකියි.



උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive