ඉතාලියෙන් ලංකාවට එන අයට අගමැතිගෙන් අලුත් බලාපොරොත්තුවක් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද බොලොඤ්ඤා නගරයේදී පැවැත්වුණා.

ඒ, ජී.20 අන්තර් ආගමික සංසදයට එක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා නිරතවන ඉතාලි සංචාරයට සමගාමීවයි.

ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිස විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත්තා.

අනාගතයේ යම් දිනක යළි ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර 20 ක සේවා කාලයකින් පසු එරටින් ලබාදෙන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුවද ලබාගැනීමේ හැකියාව උදාකර දෙන්නැයි මෙහිදී එම පිරිස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමග සාකච්ඡා කරන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය
ජී.එල්. පීරිස් මහතාට අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථාවේදීම උපදෙස් දුන් බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive