ප්‍රමිතියෙන් තොර කොම්පොස්ට් නිසා ගොවියන් අසීරුතාවට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

දහසකුත් එකක් බලාපොරොත්තු ඇති ව රට බත බුලතින් සරු කිරීමට වෙර දරන ගොවි ජනතාව පොහොර අර්බුදය සහ අස්වනු සඳහා නිසි මිලක් නො මැතිකම ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.

ගිරිතලේ ව්‍යාපාරය යටතේ එළැඹෙන මහ කන්නය සඳහා සිදුකරන වගාවන් වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදනය කරමින් තිබෙන කොම්පෝස්ට් පොහොර නිසි ප්‍රමිතියකින් තොර බවට
ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මහ කන්නය සඳහා තවත් මාසයක කාලයක් පමණක ඉතිරි ව ඇති අවස්ථාවක මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත් වීමට ඉඩ ඇති බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive