එන්නත් මධ්‍යස්ථාන සීමා විය හැකියි - සෞඛ්‍ය අමාත්‍යාංශය - (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ඉදිරියේ දී එන්නනත්කරණ මධ්‍යස්ථාන සීමා කිරීමට සිදු විය හැකි බැවින් හැකි ඉක්මනින් තමන්ට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් කොරෝනා මර්දන එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ 03 වැනි මාත්‍රාවක් ලබා දීමේ කටයුතු ආරම්භ කළහොත් 01වන සහ 02වන  මාත්‍රාව ලබාදීම සීමා වනු ඇති බවයි.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 59,187ක්.

ඒ අනුව පුද්ගලයින් 29,579ක් පළමු මාත්‍රාවත්, පුද්ගලයින් 29,608ක් දෙවැනි මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

එසේම වතුකරයේ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් සඳහා සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීම ද අද ඇරඹුණා.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ළඟ ම එන්නත් මධ්‍යස්ථානයෙන් හැකි ඉක්මනින් කොරෝනා මර්දන එන්න ලබා ගන්නා ලෙසයි.

රට විවෘත කළ පසු නිසි පරිදි සෞඛ්‍ය පුරුදු සහ මාර්ගෝපදේශ රකින ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

මේ අතර උසස් පෙළ සිසුන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර ඊට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පිළිතුරු ලබා දුන්නා.

මේ අතර වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීනී කුමාරි ධර්මදාස කොරෝනා ආසාදිත ව ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම නගර සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරියක්.

එසේම බලන්ගොඩ නගර සභාවේ සභාපති චාමික වැවේගෙදරට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වුණා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive