තුන් වන මාත්‍රාව වෙනුවෙන් ෆයිසර් එන්නත් මිලියන 14ක් ඇනවුම් කෙරේ

Base.lk 6:49 AM Technology

අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීම ලබන 24 වැනි සිකුරාදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

මේ අතර 3 වන  මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද සඳහන් කළා.

වසය අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ පළමු අදියර ලෙස විශේෂ අවශ්‍යතා සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් එන්නත් කිරීම ලබන 24 වැනි සිකුරාදා ආරම්භ කෙරෙනවා.

එසේම, පාසල් යළි විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට අද දිනයේදී භාරදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කෙසේ වෙතත් තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීමේ මන්දගාමි ස්භාවයක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මේ අතර මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවති එන්නත්කරණ වැඩසටහනට පැමිණි තරුණයින් සයිනොෆාම් එන්නත වෙනුවට ෆයිසර් එන්නත අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ තවත් තරුණ තරුණියන් පිරිසක් ලැබෙන පළමු කොරෝනා එන්නත ලබාගන්නා ලෙස සියලුම දෙනාගෙන් මෙලෙස ඉල්ලා සිටියා.

මේ අතර ගර්භනී කාන්තාවන්ගේ 90%කට කොවිඩ් මර්දන එන්නත ලබා දී අවසන් කර තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මෙලෙස ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 918 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 506,927 ක් දක්වා ඉහළ ගියා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ ඔක්සිජන් අවශ්‍යතාව පහත වැටීම නිසා ලබන සතියේ සිට ඉන්දියාවෙන් ඔක්සිජන් ආනයනය නතර කරන බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive