කෝටි 19,000 ක හෙරොයින් තොගයක් ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දිීය වරායකට

Base.lk 6:49 AM Technology

ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කර ඇතැයි සැලකෙන ඉන්දීය රුපියල් කෝටි 19,000 ක් පමණ වටිනා හෙරොයින් කන්ටේනර් දෙකක් ඉන්දියාවේ ගුජරාට් වරායෙන් සොයාගෙන තිබෙනවා.

ඉන්දීය ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ගුජරාටයේ - මුන්ද්‍රා වරායෙන් සොයා ගන්නා ලද මෙම එක් කන්ටේනරයක හෙරොයින් කිලෝග්‍රෑම් දෙදහසක් තිබී ඇති අතර, අනෙක් කන්ටේනරයේ හෙරොයින් කිලෝග්‍රෑම් දහසක් පමණ තිබූ බව සඳහන්.

ඛනිජ බවට අඟවා මෙම හෙරොයින් තොගය ඇෆ්ගනිස්ථානයේ සිට ඉරාන වරායක් හරහා ඉන්දියාවට රැගෙනවිත් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ ඇෆ්ගන් ජාතිකයින්ද අනාවරණ කරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive