බැසිල් නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව

Base.lk 6:49 AM Technology

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා අද දිවුරුම් දුන්නා.

ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී.

පසුගිය සතියේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණේ මෙම සතියේ අද සහ හෙට දින දෙකෙහි පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමටයි.

ඒ අනුව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයන්ත කැටගොඩ මහතා එහිදී දිවුරුම් දුන්නා.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා 9 වැනි පාර්ලිමේන්තුවට යළි පිවිසෙන්නේ දෙවැනි වරට වීම විශේෂත්වයක්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive