මැතිව්ස්ගේ ඉල්ලීමට ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතිචාර

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට එක්වීමට කැමැත්තෙන් පසුවන බවට හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් කර තිබූ දැනුම් දීමට අනුව ඔහුව ඊළඟ පුහුණුවීම් කටයුතු සඳහා සහභාගි කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

මේ වසරේ ජූලි මස 21 වැනි දා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග සංචාර සඳහා එක් නොවන බව ප්‍රකාශ කර තිබුණා.

ඒ, මැතිව්ස් ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ක්‍රිකට් කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් මාස ගණනාවක් පැවති අර්බුදයෙන් අනතුරුවයි.

එහිදී මැතිව්ස්ට ඩොලර් 50,000ක වැටුප් කප්පාදුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් යෝජනා කර තිබුණා.

මෙම කාලය තුළයි ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා සීමිත පන්දු වාර කණ්ඩායම්වලින් ඉවත් කෙරුණේ.

කෙසේ වෙතත් ඊයේ වාර්තා වූයේ යලි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීමට තමන් කැමැත්තෙන් පසුවන බවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දී තිබූ බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive