ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීන් වී වගාව අත්හරී (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ප්‍රමාණවත් පරිදි පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය සහ වගා හානියට ලබාදෙන වන්දි මුදල නිෂ්චිතව ප්‍රකාශ කරන තුරු මෙවර මහ කන්නයේ වී වගාවෙන් ඉවත් වීමට ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීන් තීරණය කර තිබෙනවා.

මේ අතර, මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිලිවෙළ අදින් ආරම්භ කෙරුණා.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදාහැරීම ආරම්භ වූ අතර, ඊට සමගාමීව අනෙක් ප්‍රදේශවලද පොහොර බෙදාහැරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

පසුගිය දා ගොවීන් විරෝධතා දක්වමින් චෝදනා කළේ, තමන්ට රසායනික පොහොර ලබා දෙන ලෙසටයි.    

ලුණුගම්වෙහෙර දකුණ ඉවුරේ කන්න රැස්වීම ඊයේ ලුණුගම්වෙහෙරේදී පැවැත්වුණු අතර එහිදී ගොවි නියෝජිතයින් පෙන්වා දුන්නේ.

එළඹෙන නොවැම්බර් මස පළමුවන දිනට පෙර පොහොර ගැටලුවට සහ වගාහානි සඳහා වන්දි සම්බන්ධයෙන් නිසි පිලිතුරක් ලබා දෙන්නේ නම් පමණක් වී වගාවට යොමුවන බවයි.

ඊයේ පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ අදහස් පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

එමෙන්ම පොළොන්නරුව සහ මින්නේරිය - බකමූන යන ප්‍රදේශවල අද දිනයේත් ගොවීන් විරෝධතාවල නිරත වූයේ පොහොර නොමැති බවට පවසමින්.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive