2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්ව සටනට ශ්‍රී ලංකාව ද පිවිස ඇති බව බීබීසීය වාර්තා කරයි

Base.lk 6:49 AM Technology

ඕස්ට්‍රේලියාවල කැනඩාවල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා කැමැත්ත පළ කර ඇති රටවල් වනවා.

මේ සඳහා මෙම රටවලට හදිසියේ අවස්ථාව හිමිව ඇත්තේ 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය අත්කරගෙන සිටි කැනඩාවේ හැමිල්ටන් නගරය එම සත්කාරකත්වයෙන් ඉවත් වීමත් සමගයි.
 
කෙසේ වෙතත් 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හිමිකරගන්නා රට කුමක්ද යන්න නිවේදනය කරනු ලබන්නේ ලබන වසරේ මුල් කාර්තුවේ දීයී.

සත්කාරකත්වය ඉල්ලා සිටින නගර සහ රටවල් සමඟ මේ සම්බන්ධයෙන් ඉතා සමීපයෙන් කටයුතු කරමින් සිටින බව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ සභාපති ඩේම් ලුවී මාටින් කියා සිටියා.

මේ අතර ඉදිරි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වලදී පැවැත්වෙන ක්‍රීඩා සංඛ්‍යාව 16 සිට 2 දක්වා අඩු කිරීමටත් යෝජනා වී තිබෙනවා.
 
යම් හෙයකින් මෙම යෝජනාව සම්මත වුවහොත් මේ වන විට තරග ඉසව් දාසයක් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රධාන තරග ඉසව් දෙකකට පමණක් සීමා වනු ඇති.

ඒ අනුව ඉදිරි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වලදී පවත්වනු ඇත්තේ මළල ක්‍රීඩා සහ පිහිනුම් තරග ඉසව් පමණයි.

මීට අමතරව ඉදිරි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලි තුළදී තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගැනීම සඳහා ඊ ක්‍රීඩා තෝරාගැනීමට වැඩි නිදහසක් සත්කාරකත්වය දරන රටවල් වලට හිමිවන අතර එම රටවල ජනප්‍රිය දේශීය ක්‍රීඩාවන් ඇතුළත් කිරීමේ නිදහස්ත් හිමිවනු ඇති.
 
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ඉදිරි ක්‍රීඩා උළෙලවල් සම්බන්ධයෙන් ගත් රැඩිකල් තීන්දු අතර ක්‍රීඩක ගම්මාන ඉවත් කිරීමත් විශේෂ පියවරක්.  

ශ්‍රී ලංකාව මීට පෙර ද 2011 වසරේදී දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය දිනා ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක නිරත වූ අතර එවර ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ප්‍රවර්ධන කටයුතු සඳහා පමනක් රුපියල් මිලියන 700ට ආසන්න මුදලක් වැය කලා.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුකාලීනව දේශපාලනිකව බරපතල විවේචන එල්ල වූ අතර රජයේ විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ එම උත්සාහය මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් මකර කටට දැමූ උත්සාහයක් ලෙසටයි.    

2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අනුග්‍රහහකත්වය දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කළ කණ්ඩායමේ ප්‍රධානියකු වූ වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද  මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ විවේචනයන්ට ලක් වුනා.

ශ්‍රී ලංකාවේ උත්සාහය අපතේ හරිමින් එවර සත්කාරකත්ත්වය ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් දිනා ගත්තා.

කෙසේ වෙතත් පැවති ක්‍රීඩා මත පදනම් වූ දළ ඇස්තමේන්තුවක දැක්වෙන්නේ 2026 ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් පමණ වැය වන බවයි.

එමෙන්ම සත්කාරක සත්කාරකත්වය දිනා ගැනීම සඳහා සිදු කෙරෙන ප්‍රවර්ධන කටයුතු සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 300ක් වැය වෙනු ඇති බවටත් ගණන් බලා තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive