තවත් කොරෝනා ආසාදිතයින් 513ක් - මරණ 31ක්

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 513 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළදී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 528,248 ක් ලෙසයි පවතින්නේ.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 23,602ක්.

මෙරට කොරෝනා ආසාදිතයින් අතුරින් තවත් 438 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත 491,238 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 31 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් 23 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 08 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.

ඒ අනුව සමස්ත කොරෝනා  මරණ 13,408 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive