බලශක්ති ඇමති - වෘත්තිය සමිති මහ ගැටුමට හිරු වේදිකාව සුදානම් ! තෙල් ටැංකි බේරා ගැනීමේ සටනට ඇමතිටත් එක් වන්නට වෙයි ද ?

Base.lk 6:49 AM Technology

ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබදව විවෘත සංවාදයකට එන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හට පසුගියදා විවෘත අභියෝගයක් සිදු කළා.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් චෝදනා නඟන ආකාරයට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා නොමැති බවට, ඔප්පු කළහොත් ඔවුන් නඟන ප්‍රමුඛ චෝදනාව වන මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීමට මෙම රජය උත්සාහ දරන බවට සිදු කෙරෙන ප්‍රකාශයන් හා එක්ව එම සටනට තමන් ද සහය දෙන බවයි.

අමාත්‍යවරයාගේ මෙම අභියෝගය පිළිගත්, ඛනිජ තෙල් වාණිජ කර්මාන්ත හා සේවා සේවක සංගමයේ සභාපති බන්දුල සමන්, ඛනිජ තෙල් වෘත්තීය සමිතයේ සභාපති අශෝක රංවල, ඛනිජ තෙල් වෘත්තීය සමිතයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අමාත්‍යවරයා සමඟ විවෘත සංවාදයකට එකඟතාවය පළ කළා.‍‍

ඒ අනුව අදාළ සංවාදය හෙට රාත්‍රී 10.30 හිරු රූපවාහිනි "බලය" වැඩසටහන ඔස්සේ විකාශය කෙරෙනු ඇති.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive