පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් අදත් විරෝධතා

Base.lk 6:49 AM Technology

රජයේ සමාගම් විසින් මිලදී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙටි්‍රක් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් යුරෝපයේ සිට අද කොළඹ වරාය වෙත ළගාවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

මේ අතර, මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම අද සිට ආරම්භ කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කලත් අද එය සිදු නොවූ බවයි දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව වගාවන් සිදු කිරීමට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් අද අම්පාර - දමන, මාදුරුඔය - ඉහළ ඇල්ලෑවැව, ඇළහැර - බකමූණ, පොළොන්නරුව - වැලිකන්ද සහ මහියංගනය යන ප්‍රදේශ වල විරෝධතා පැවැත්වුණා.

මේ අතර, ගොවි ජනතාවගේ ගැටලු විමසා බැලෙන විපක්ෂ නායකවරයාගේ ගොවි හද ගැස්ම වැඩසටහන අද ක්‍රියාත්මක වුනේ ගාල්ල - බද්දේගම - වඳුරඹ ප්‍රදේශයේ දීයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive