කොරෝනා පාලන කරලක් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

Base.lk 6:49 AM Technology

කොරෝනා මර්දනය සඳහා ලෝකයේ රටවල් කිහිපයක මේ වනවිට භාවිතයට ගැනෙන මර්ක් ඖෂධ නිෂ්පාදන සමාගමේ ඖෂධ කරලක් මෙරට භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක්වරක් පෙනී සිටි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන 15 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිලිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේ එන්නත් ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වන බවයි.

පාසල් මට්ටමින් ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන පිලිබඳව සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවි හරහා සිසුන් දැනුවත් කෙරෙනු ඇති.

ඇතැම් ස්ථානවල පාසල් කිහිපයකට අදාළව එක් පාසලක්, එන්නත් මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබීම ඊට හේතුවයි.

මේ අතර, කොරෝනා මර්දනය සඳහා වන ඖෂධ කරලක් ගෙන්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive