උතුරු කොරියාව ආහාර අර්බුදයක් අභියස

Base.lk 6:49 AM Technology

උතුරු කොරියාව නුදුරේදීම විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමකට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එහි මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමට උතුරු කොරියාව තුල පසුගිය වසරේ මුල සිට පනවා තිබූ දැඩි සීමා සමග එරට ආර්ථිකය බිඳ වැටීම ඊට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

එම දැඩි සීමා හේතුවෙන් උතුරු කොරියාව සහ චීනය අතර පැවති වෙළඳ සබදතා දැඩි ලෙස බිඳ වැටී ඇති බව ද එම වාර්තා වල සඳහන්. ඒ අනුව ඔවුන්ට පනවා ඇති සම්බාධක අඩු කල යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive