හිරු සීල පාරමිතාව පොළොන්නරුව රන්කොත් වෙහෙරේ සිට

Base.lk 6:49 AM Technology

වප් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් ඓතිහාසික පොළොන්නරුව රන්කොත් වෙහෙර කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට පැවැත්වෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවසේ සිටින උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව ආරම්භ වුණා.

එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කළේ, සොළොස්මස්ථාන භාරකාර පූජ්‍ය කන්දකැටියේ අත්තදස්සී හිමියන් විසින්.

උදෑසන 7.30ට පෝදා ධර්ම දේශනය, ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම, විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ පූජ්‍ය වල්පොල ගෝතම සහ පූජ්‍ය හසලක සීලවිමල යන හිමිවරුන්ගේ සහභාගීත්වයෙන්.

අනතුරුව කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීමට නියමිත අතර, දහවල් 3.30ට තවත් විශේෂ ධර්ම සාකච්ඡාවක් ද පැවැත්වෙනු ඇති.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive